බලාපොරොත්තු සුන් කරමින් සූර්යවන්ශී, ලකුණු 0 කට දැවී යයි.

මුම්බායි ඉන්දියන්ස් පිල (MI) සහ රාජස්ථාන් රෝයල්ස් (RR) පිල අතර ඊයේ දිනයේදී ජායිපූර් හී පැවති තරගය වාර්තා කිහිපයක්ම බිද හෙලීමට සමත් වුන සුපිරි තරගයක් බවට පත් වුනා.  තමන්ගේ වසර 12 ක් පුරා පැවති පරාජයේ අමිහිරි මතකය දුරු කර ගැනීමට සමත් වුන මුම්බායි ඉන්දියන්ස් පිල තමන්ගේ දෙවන කඩුල්ල ලකුණු 217 ක් ලබා ගත් අතර එය හැදින්වුනේ මෙම ක්‍රීඩාංගනය තුල ක්‍රීඩකයන් දෙපලක් ලබා ගත් වැඩිම ලකුණු සම්බන්ධතාවය ලෙසයි.

මුලින්ම පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් පිල ඉතා සෙමින් තමන්ගේ ආරම්භය ලබා ගත් අතර ඔවුන් පලමු ඕවර තුන තුලදී ලබා ගත්තේ ලකුණු 16ක් පමණයි. නමුත් ඉන්පසුව ඊලගට ඕවර තුන සදහා ඔවුන් ලකුණු 42 ක් ලබා ගත් අතර එහිදී රෝහිත් ශර්මා පන්දු 32 ක් තුල ලකුණු 53 ක් ලබා ගත් අතර ඒ සමගින් ඔහු මුම්බායි ඉන්දියන්ස් පිල වෙනුවෙන් ලකුණු 6000 සීමාව ඉක්මවා යාමට සමත් වුනා.

රයන් රිකල්ටන් පන්දු 32 ක් තුල ලකුණු 53 ක් ලබා ගත් අතර රාජස්තාන් රෝයල්ස් පිලට ඔහු නවත්වා ගැනීමට හැකි වුනේ නැහැ. ඉන්පසුව පිටියට පැමිණි සූර්යකුමාර් යාදෙව් පන්දු 23 ක් තුල ලකුණු 48 ක් ලබා ගත් අතර හාර්දික් පාන්ඩ්‍යා ද පන්දු 25 කදී ලකුණු 48 ක් ලබා ගැනීමට සමත් වුනා. ඒ අනුව සූර්යකුමාර් සහ හාර්දික් පන්දු 44 කදි ලකුණු 94 ක් රැස් කිරීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 218 ක ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි රාජස්තාන් රෝයල්ස් පිලේ විශාලතම බලපොරොත්තුව වුනේ මීට පෙර පන්දු 35 කින් ශතකයක් වාර්තා කල වයිභාව් සූර්යවන්ශීයි. නමුත් ඔහු තමන්ට පැමිණි පලමු පන්දුවටම දැවැන්ත පහරක් එල්ල කිරීමට යාමේදී දැවී ගිය අතර එය මුම්බායි ඉන්දියන්ස් පිලට විශාල සහනයක් වුනා.

ඉන්පසුව පිටියට පැමිණි ට්‍රෙන්ට් බෝල්ට් හයේ පහරක් එල්ල කලත් ඉන්පසුව ඔහු දැවි ගිය අතර පිලිවෙලින් යෂශ්වි ජයිස්වාල් සහ ජස්ප්‍රිත් බූම්රාත් දැවී ගියා. ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් පිල පවර් ප්ලේ ඕවර හතර තුලදී විකට් හතරක් ලබා ගත් අතර රාජස්ථාන් රෝයල්ස් පිල කඩුළු පහක් දැවී ලකුණු 47ක් ලබාගෙන අතිශයින් අසීරු අවස්ථාවක පසු වුනා.

ඒ සමගින් රාජස්ථාන් රෝයල්ස් පිලේ සියලුම කඩුළු ලකුණු 117 කට දැවී ගිය අතර ඒ සමගින් මුම්බායි ඉන්දියස් පිල ලකුණු සටහනේ ප්‍රමුඛ ස්ථානය ලබා ගැනීමට සමත් වුනා.

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *