වර්ෂාව නිසා මොහොමඩ් නීම්ගේ උත්සාහය අපතේ යයි.

ලාහෝර් කලන්ඩාර්ස් පිල සහ ක්වෙට්ටා ග්ලැඩියේටර්ස් පිල අතර පැවති තරගය දැඩි වර්ෂාපතනය නිසා අත් හැර දමන්නට දෙපිලටම සිදු වුනා.

දැවි වර්ෂාව නිසා තරගය නතර කරන විට, ඕවර 11 ක් සහ පන්දු තුනක් පමණක් ක්‍රීඩා කර තිබුනු අතර ඒ වන විට ලාහෝර් කලන්ඩාර්ස් පිල කඩුළු තුනක් දැවී ලකුණු 111 ක් ලබා සිටියා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ග්ලැඩියේටර්ස් පිල කාසියේ වාසිය දිනා ගත් අතර ඔවුන් පන්දුවට පහර දීමට තීරණය කලත් එම තීරණය වඩාත් සාර්ථක වූ බවක් පෙනෙන්නට තිබුනේ නැහැ.

මොහොමඩ් නීම් තමන්ගේ ඉනිම ශක්තිමත් ලෙස ආරම්භ කල අතර ඔහු පවර් ප්ලේ ඕවර තුලදී ඉතා දක්ෂ ලෙස කිරිඩා කලා. ඒ අනුව ඔහු පන්දු 30 ක් තුලදී ලකුණු 50 ක් ලබා ගත් අතර නමුත් ඔහු දසවන ඕවරයේදි දැවී ගියේ අබ්‍රාර් අහම්ඩ් ගේ පන්දුවක් හමුවේයි. නීම් සමග ක්‍රීඩා කල අබ්දුල්ලා ශෆීක් ද ඉතා හොද ඉනිමක් ක්‍රීඩා කල අතර ඔහු සෞද් ශකීල් ගේ පන්දු වලට හයේ පහර කිහිපයක්ම එල්ල කරමින් නොදැවී ලකුණු 53 ක් රැස් කර ගත්තා.

එසේම ෆකාර් සමාන් සහ කුරාම් සහාඩ් ද ඉතා හොද පන්දු යැවීමක නිරත වුණු අතර ඩැරිල් මිචෙල් ලකුණු 3 ක් ලබා ගැනීමෙන් පසුව දැවී ගියා. 

ඒ සමගින් ක්‍රීඩාංගනයට දරුණු වර්ෂාවක් ඇද හැළුණු අතර කණ්ඩායම් දෙකටම ලකුණු 9 බැගින් ලබා දෙමින් තරගය ජය පරාජයකින් තොරව අවසන් වුනා.

Share this article

Leave a Reply

Your email address will not be published. Required fields are marked *