කරච්චි කින්ග්ස් සහ පේෂාවර් ශල්මි කණ්ඩායම් දෙක අතර ඊයේ එනම් 21 වෙනිදා පැවති තරගය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා. කරච්චි කින්ග්ස් පිල තමන්ගේ ලකුනු ඉලක්කය වුණු ලකුණු 149, කඩුළු දෙකක් අතැතිව සම්පූර්න කරගත් අතර තරගය පුරාම ඩේවිඩ් වෝර්නර්ගේ දක්ෂතා කැපී පෙනුණා.
ඉතා හොද පන්දු යැවීමක නිරත වුණ ශල්මි පිල, ලූක් වුඩ් තමන්ගේ පලමු පන්දුවෙන්ම ටිම් සෙයිෆ්රට් දවා ගත් අතර ඉන්පසුව ජේම්ස් වින්ස් ද දවා ගැනීමට සමත් වුනා. තරුණ ක්‍රීඩකයෙක් වෙන අලි රාසාද ඉතා හොද පන්දු යැවීමක නිරත වුණු අතර ඒ සමගින් කරච්චි පිලට විශාල අභියෝගයක් එල්ල වුනා. නමුත් ඉන්පසුව පිටියට පිවිසි වෝර්නර් සහ මොහොමඩ් නබි ඉතා හොද සබදතාවයක් ගොඩ නගා ගත් අතර වෝර්නර් පන්දු 47ක් තුලදි ලකුණු 60 ක් ලබා ගත්තා.
අවසාන ඕවර හය තුලදී කරච්චි පිලට අවශ්‍යව තිබුනේ ලකුණු 44 ක් පමණයි. නමුත් වෝර්නර්ගේ දැවී යාමත් සමග ශල්මි පිල නැවතත් තරගයට අවතීර්න වූ අතර ඒ සමගම කරච්චි පිලේ අබ්බාස් අෆ්‍රිඩි සහ ආමර් ජමාල් ද දැවී ගියා. ඒ අනුව විකට් දෙකක් අතැතිව සිටි ඔවුන්ට අවසන් ඕවරය තුලදී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු නවයක් අවශ්‍ය වුනා.
කෙසේ වෙතත් අවසාන ඕවරය වෙනුවෙන් තමන්ගේ දග පන්දු යවන්නන් කිසිවෙක් ඉතුරු වී නොසිටි නිසා ඔවුන් හුසේන් ටලාත් කැදවූ අතර එම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගත් කරච්චි පිලේ හසාන් අලි සහ Khushdil Shah තරගය විකට් දෙකක් අතැතිව ජයග්‍රාහී ලෙස අවසන් කලා.